Latest News

සා.පෙළ අසමත් දරුවන්ට විශේෂ අවස්ථාවක්

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමුකර රැකියාගත කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති බවයි.

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ විභාගයට සුදුදුකම් නොලත් සිසුන් 98,000ක් පමණ සිටින බව සඳහන්.

මෙම පිරිසෙන් ගණිත විෂය අසමත් නමුත් පසුව සමත්වීමේ පදනම මත උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හැර සෙසු පිරිස මෙම වැඩසටහන සඳහා සහභාගිකර ගැනීමට නියමිතයි.

ඒ අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලත් සිසුන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා සහ හැකියාව මෙන්ම රුචිකත්වය අනුව වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවයි.