සා.පෙළ විභාගයට පෙනී සිටීමට සිටි දැරියක් අතුරුදන් වෙයි
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිටි දැරියක් අතුරුදන්ව ඇති පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, 16 හැවිරිදි වියේ පසුවූ ජනීෂා ඉමායා කාවින්දි නමැති දැරියයි.
අදාළ දැරිය පසුගිය 03 වනදා සිට අතුරුදන්ව ඇති බව එම දැරියගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
වැලිගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි එම දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබියදී මෙලෙස අතුරුදන්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් මහත් කම්පනයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් දැරියගේ මව්පියන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැරිය සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වැලිගම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.