ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනයේ කෙරේ
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අද (14) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි දී මෙම ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණඩල අනුමැතිය ලැබුණු බවයි වාර්තා වන්නේ.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතින්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව විසින් 2016 වර්ෂයේ දී අත්සන් තබා තිබෙනවා.
ඊට අනුව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම රාජ්‍යයක ප්රමුඛ කාර්යයක් වනවා.