Latest News

ඕමාන සුරක්ෂා නිවාසයේ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමේ අපේක්ෂාවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි 67 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්

අදාළ කාන්තාව මහව – දළදාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රොහල් ගත කර සිටි බවත් ඇය එම රෝහලේ දී මිය ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.