Latest News

ඕමානයේ සිටින පිරිස යළි ගෙන්වා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත්කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අදාළ පුද්ගලයා හට මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන අතර එම පුද්ගලයා මෙරටට පැමිණි පසුව අත්අඩංගුවට ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර විවිධ ගැටලුවලට මුහුණ දී ඕමානයේ සිටින පිරිස යළි ගෙන්වා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව සඳහන්.

මෙම ජාවාරම සිදුකළ පුද්ගලයින් සඳහා නඩු පැවැරීමට ද තීරණය කර ඇති බව වාර්තා වනවා.