ශ්‍රී ලාංකික කාන්තාවන් බහුතරයක් ලියාපදිංචි නොවී ඕමානයට
මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි සඳහන් වන්නේ, එම සුරක්ෂිතා නිවසේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77දෙනා අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී මෙරටින් පිටව ගොස් ඇත්තේ 12දෙනෙකු පමණක් බවයි.