ඕමානයට ගිය මෙරට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තවත් අයෙක් අත්අඩංගුවට
රැකියා කටයුතු සඳහා ඕමානයට පිටත්ව ගිය මෙරට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තවත් පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 47 හැවිරිදි මාලිගාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කරනු ලැබුවා.