Latest News

යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති දැරියක් මරුට

හසලක උල්පතගම ප්‍රදේශයේ දී මිණිපේ යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති සිඟිති දැරියක් ඊයේ (10) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දැරිය සිය වැඩිමහල් සහෝදරයා සමග සිය නිවස අසල පිහිටි තවත් නිවසකට ගොස් සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව ඒ ආසන්නයේ පිහිටි මිණිපේ යෝධ ඇළට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දැරිය යෝධ ඇළට වැටී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන දැරිය හසලක රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හසලක පොලීසිය සිදුකරනවා.