වරායේ දොඹකර ක්‍රියාකරවන්න තරුණියන්ට වැඩි අවස්ථාවක්
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යමය දායකත්වය ඇතිව , ශ්‍රී ලංකා වෙළෙඳ නාවිකයන්ගේ ජාතික සංගමය මගින් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ආරම්භ කරන ලද ගැන්ටීර දොඹකර පාඨමාලාව නිමකළ පළමු තරුණියන් 10 දෙනාට සහතිකපත් ප්‍රධානය සිදුකර තිබෙනවා.
ඒ, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින්.
ප්‍රායෝගික පුහුණුව සහිත මෙම පාඨමාලාව මාස 04 ක කාල සීමාවකින් යුක්ත වනවා.
මේ වන විට මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලද අංගන දොඹකර ක්‍රියාකාරිනියන් අටදෙනෙකු වරාය පර්යන්තයේ සේවය කරන බව වරාය අධිකාරිය පවසනවා.
මෙහිදී වරාය අධිකාරිය සඳහන් කලේ, ඉදිරියේදී මෙම පුහුණුව ලබාදී ගැන්ටීර දොඹකර මෙහෙයුම් සදහා කාන්තාවන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.