පැපිලියාන ළමා නිවාසයකින් දරුවන් 4ක් පලාගිහින්
පැපිලියාන ප්රදේශයේ ළමා නිවාසයකින් ඊයේ (27) උදෑසන අවුරුදු 10ත් 13ත් අතර වයසේ පසුවන දරුවන් 4 දෙනෙකු පලාගොස් තිබෙනවා.
කෙසේවෙතත් එම දරුවන් වැල්ලම්පිටිය ප්රදේශයේ රැඳී සිටියදී ඊයේ රාත්රියේ සොයාගෙන තිබුණා.
මෙහිදී වැල්ලම්පිටිය පොලිසිය විසින් දරුවන්ගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ළමා නිවාසයේදී එල්ලවන වදහිංසා දරාගත නොහැකිව තමන් මෙලෙස පලායෑමට තීරණය කළ බවයි.