Latest News

ඔස්කාර් සම්මාන උලෙළ වර්ණවත් කළ දීපිකා පදුකෝන්

මෙවර 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ දී ආසියාතික කාන්තාවන් දෙදෙනෙකු ගැන කතා බහට ලක්වී තිබෙනවා.

ඒ, ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම රංගන ශිල්පිනිය සම්මානය දිනා ගත් මිෂෙල් යෝ සහ සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනියක වන දීපිකා පදුකෝන්.

ඉන් බොලිවුඩ් රංගන ශිල්පිනි දීපිකා පදුකෝන් පිළිබඳ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ඉන්දීය සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනියක වන දීපිකා පදුකෝන් හට මෙවර 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඇරයුම් ලැබී තිබුණා.

ඒ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම ගීතය ලෙස සම්මානයට පාත්‍රවූ “ආර්.ආර්.ආර් හි නාටු නාටු ගීතය” පිළිබඳව හැඳින්වීමට හා ඔවුන්ගේ රංගනය සඳහා ගායක රාහුල් සිප්ලිගුන්ජ් සහ කාල බහිරව වේදිකාවට පිළිගැනීමට යි.

දීපිකා පදුකෝන් මෙවර 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළ සඳහා කළු පැහැති ඇඳුමකින් සැරසී රතු පලස මතින් පැමිණීම මේ වන විට බොහෝදෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා.

දීපිකා, මීට පෙර 2022 කෑන්ස් චිත්‍රපට උළෙලේ 75 වැනි සංවත්සර උත්සවයේදී ජූරි සභාවක් සඳහා ඉන්දියාව නියෝජනය කළ අතර ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර අවසන් මහා තරඟයට පෙර දෙසැම්බර් 18 වනදා ලුසේල් ක්‍රීඩාංගණයේදී FIFA ලෝක කුසලානය එළිදැක්වීම සඳහා ද සහභාගී වුණා.

කෙසේවෙතත් ඇය ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලට ඉදිරිපත් වූ පළමු ඉන්දියානුවා නොවන අතර මීට පෙර ඔස්කාර් සම්මාන උළෙලට ඉන්දියානුවන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

1980 දී පර්සිස් ඛම්බට්ටා එම ගෞරවය සඳහා තෝරාගත් පළමු ඉන්දියානුවා බවට පත්වුණා.

ඔස්කාර් සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රියංකා චොප්රා එසේ කළ දෙවැන්නා වූ අතර ඇය 2016 දී චිත්‍රපට සංස්කරණයේ ජයග්‍රහණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කළා.

අදාළ වීඩියෝව පහතින් …..