Latest News

බැඩ්මින්ටන් ශුරිය ඕෂධීගේ අවසන් කටයුතු අද

ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන 27 හැවිරිදි ඕෂධී කුරුප්පු පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

ඇය ලියුකේමියාව රෝගය වැළදීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.

අවසන් ගෞරවය දැක්වීම සඳහා ඇයගේ දේහය මේ වනවිට බොරලැස්ගමුවේ පිහිටි පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද(10) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

කොළඹ විසාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඕෂධී ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදී බැඩ්මින්ටන් ඉසව්වේන් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කණ්ඩායම් ඉසව්ව නියෝජනය කළ ඕෂධී කුරුප්පු එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.