Latest News

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්

සිය සහෝදරයා සහ පියා සමග පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.

මේවන තෙක් අතුරුදන්ව ඇති දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව සඳහන්.

පානදුර එලුවිල ප්‍රදේශයේ පදිංචි අදාළ පාසල් සිසුවා ඊයේ (17) සවස දිය නෑමට පානදුර වෙරළ තීරයට ගොස් ඇත.

දිය නාමින් සිටියදී සිසුවා එක්වරම දිය වැලකට හසුවී ඇති අතර දිවි බේරාගැනීම සඳහා පියාගේ ගෙලේ එල්ලීමට උත්සාහ දරා ඇති නමුත් සිසුවා එම අවස්ථාවේ දී අතුරුදන් ව තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර ඇත.