විදෙස් ජාතිකයෙකු මෙරට දී පැරෂුටයකින් ඇද වැටෙයි
ගලහ, ලූල්කඳුර ප්‍රදේශයේ දී පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාළ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී එය අඩි 30ක් පමණ උස ගසක පැටලී බිමට වැටී ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.