පාර්ලිමේන්තුවේදී කාතානායක හමුවූ සිසුවියන්
පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන්ට ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවුණා.
ඒ අනුව පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමේ අවස්ථාව ලැබී තිබුණා.
එහිදී කථානායක සමග සුහද පිළිසඳරක නිරත වූ සිසුවියන් ඔහුගෙන් ප්‍රශ්නද විමසා සිටියා.
පාර්ලිමේන්තුව නැරඔීමට පාසල් සිසුන් රැගෙන එන්නේ නම් , පාසල් බලධාරීන් තම අයදුම්පත් ලිපියක් මඟින් හෝ ෆැක්ස් මඟින් (0112777473 / 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව වේත්‍රධාරී වෙත යොමු කළ යුතුව තිබෙනවා.