පැය 5ට ආසන්න කාලයක් පවිත්‍රාගෙන් හා ඇගේ සැමියාගෙන් සී.අයි.ඩී ය ප්‍රශ්න කරයි
පසුගිය (09) වන දා ගාලු මුවදොර අරගල භුමිය තුළ හා අරලියගහ මන්දිරය අසළ ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි සහ ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා හිටපු මන්ත්‍රි කංචන ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) කැඳවා තිබුණා.
එහිදී ඔවුන්ගෙන් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.
ඔවුන් ඊයේ (19) පස්වරු 4.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණ ඇති අතර, අදාළ ප්‍රශ්න කිරීම් පැය 5ට ආසන්න කාලයක් සිදුකර ඇති බව වාර්තා වනවා.