Latest News

අරගලකරුවන්ට පහර දීම ගැන පවිත්‍රාගෙනුත් ප්‍රකාශ සටහන් කර ගනියි

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සිටිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායම් 05 ක් ඊයේ මොවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ගියද එය අද දක්වා කල් දමා තිබෙනවා.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙතෙක් හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් ඇතුලූ සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබුණා.