පවිත්‍රා වන්නිආරච්චිට නව තනතුරක්
ශ්‍රී ලංකා – යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SL EUPFA) සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුරෝපා සංධානයේ 9 වන පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය පත් කිරීමේ විශේෂ රැස්වීමේ දී මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම රැස්වීම පැවැත්වී ඇති අතර, ඊට පාර්ලිමේන්තු මහලේකම් ධම්ම දසනායක ද සහභාගී වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi ද ආරාධිත අමුත්තා ලෙස මීට සහභාගී වූ බව සඳහන්.
මීට අමතර ව ශ්‍රීලනිපයේ නව ලේකම්වරුන් ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි පත් කර තිබෙනවා.