Latest News

රාජ්‍ය සේවකයින්ට 55න් විශ්‍රාම යන්න පුළුවන්

ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට වයස 55 පිරුණු පසු කැමති නම් විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ලබන මස විශ්‍රාම යෑමට නියමිතව සිටි රජයේ සේවකයන් විශ්‍රාම යෑමේ වයස 65 දක්වා වැඩිකිරීමට ගත් තීරණය හේතුවෙන් යම් කුතුහලයකින් පසුවන හෙයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි විජිත හේරත් මහතා මෙහිදී කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.