Latest News

ඉන්ධන පෝලිමේ පිරිසට හෙදියන්ගෙන් සංග්‍රහයක්

ඉන්ධන හිඟය හේතුවෙන් මේ දින වල ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් පවතිනවා.

අද (21) දිනයේ ගොතටුව ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසලත් තිබු එවැනි පෝලිමක රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්‍ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව එහි සේවය කරන හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පෝලිමේ පිරිස් වෙත පැමිණ බිස්කට් හා කිරිපැකට් රැගෙන විත් පෝලිමේ සිටි පිරිස් වෙත බෙදා දී තිබුණා..

එහිදී පෝලිමේ රැඳී සිටි පිරිස් ඔවුන්ට ස්තුතිය පළ කරමින් එම සංග්‍රහය භුක්ති විඳිනු දක්නට ලැබුණා.