පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට
පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කලේ, අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙන එන බවයි.
මේ අතර, ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවට වාර්තා වනවා.
කෙසේවෙතත් ඉන්ධන අපේක්ෂාවෙන් මේ වන විටත් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා.