Latest News

හෙට දින රට පුරා ෆාමසි වැසෙයි

හෙට (09) දිනයේදී රට පුරා තිබෙන පෞද්ගලික ඔසුසැල් වසා තබන බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඖෂධ හිඟය හා ඉන්ධන හිඟයට විසඳුම් ලබාදීමට බලාධාරීන් අපොහොසත් වීමට, විරෝධය පළ කිරීමක් ලෙස එදින සියලුම ඔසුසැල් වසා දැමීමට මෙලෙස තීරණය කළ බවයි එම සංගමය පවසන්නේ.