Latest News

ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ලොව ප්‍රථම වරට ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීම අමෙරිකාවේදී සාර්ථකව සිදුකර තිබෙනවා.

57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නම් අමෙරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර ඇති අතර ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ද ගතවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

සාර්ථකව ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අදාළ වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.

බෙනට් මහතාගේ ජීවිතය බේරා ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස පැවතියේ මෙම හදවත් බද්ධය බව වෛද්‍යවරු පවසා තිබුණා.