Latest News

කාන්තාවක් ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු යුගල සොරා ගනියි

නිවසේ තනිව සිටි කාන්තාවක් ඝාතනය කර ඇය පැළඳ සිටි කරාඹු යුගලය හා එම නිවසේ තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සොරා ගැනීමේ පුවතක් පොල්ගහවෙල දමුණුපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 73 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාවගේ දියණිය පස්වරුවේ නිවසට පැමිණි අවස්ථාවේ නිවස තුළ මව ඝාතනය කර තිබෙනු දැක පොලිසිය දැනුවත් කර බව පොල්ගහවෙල පොලිසිය සඳහන් කළා.

සැකකරු විසින් අදාළ කාන්තාවගේ කන්පෙති දෙක ඉරා ඇය පැළඳ සිටි කරාඹු යුගල හා ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් මෙන්ම රුපියල් 15000ක මුදලක් ද සොරා ගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.