Latest News

පාසල් සිසුවියන්ට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පානදුර ප්‍රදේශයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

සැකකරු මෝටර් රථයක සිට ඒ අසලින් ගමන්කළ පාසල් සිසුවියන්ට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

එම සිසුවියන් විසින් මේ පිළිබඳව සිය විදුහල්පතිනිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම ප්‍රදේශයේ CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මෝටර් රථය හඳුනාගැනීමෙන් පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.