Latest News

බස් රථයක් තුලදී නාදුනන පුද්ගලයෙකු සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දමයි

බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ දී බස් රථයක් තුළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියක් වාර්තා විය.

ඒ පිළිබඳව එක් සිසුවියක් සිය පියාට දැනුම්දීමෙන් පසු සැකකරු අල්ලාගැනීමට හැකිව තිබෙනවා.

සැකකාර තැනැත්තා ඌව පරණගම ප්‍රදේශයේ 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු එලෙස සිසුවියන් සහ කාන්තාවන් රැසකගේ කොණ්ඩා කපා ඇති බවයි.

ඔහුගේ ගමන් මල්ලක තිබී එලෙස කපන ලද කොණ්ඩා සොයා ගෙන ඇති අතර පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ආශාවට එලෙස කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.