අරගලයට සහය දුන් පොලිස් සැරයන්ට වැඩ තහනමක්
ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
අදාළ පොලිස් සැරයන්වරයා පසුගිය දා විරෝධතාකරුවන් අතරට ගොස් ඊට සහය දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර එය සමාජ මාධ්‍ය ජාලවල ද සංසරණය වී තිබුණා.
මෙම පොලිස් නිලධාරීයා කුට්ටිගල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන අතර, ඔහු 1989 වසරේ පොලීසියට එක්වූ අයෙක්.