පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්
මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම සිදුනොකළ යුතු බවයි.
එලෙස වැරදි කරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙන බවද පොලීසිය දැනුම් දී තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.