සැමියා විසින් ගිනි තබා පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරිය මියයයි
ගාල්ල – ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
බරපතළ තත්ත්වයේ පසු වූ ඇය බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.
35 හැවිරිදි ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරිය සේවය නිම කර නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ ආරවුලක් මත සැමියා විසින් පසුගිය දා ඇයගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා තිබුණා.