නැවතත් ඇතැම් ප්‍රදේශ වලට විදුලි කප්පාදුවක්
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බැවින් ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බවයි.
මේ ආකාරයෙන්ම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීමක් මීට සති දෙකකට පමණ පෙරදීත් සිදුව තිබුණා.
ඒ හේතුවෙන් දිවයිනේ සමස්ත විදුලි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 25%කට පමණ බලපෑම් එල්ල වුණා.