Latest News

විදුලි කප්පාදුව සම්බන්ධ නවතම දැනුම්දීම

එළඹෙන 14 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් පවතින බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙස එම කොමිසමේ සභාපතිවරයා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.