Latest News

විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ

අද (15) සිට දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ විදුලි ජනන යන්ත්‍ර 2ක් බිඳ වැටීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බවයි එම මණ්ඩලය සඳහන් කලේ.

මෙහිදී විදුලි බල මණ්ඩලය සඳහන් කලේ, විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

කෙසේවෙතත් මින් පෙර විදුලි බල මණ්ඩලය නිවේදනය කර තිබුණේ, අද සහ හෙට (16) දෙදින විදුලි කප්පාදුව පැය 1යි විනාඩි 20ක් පමණක් සිදු කෙරෙන බවයි.