Latest News

අද පැයක විදුලි කප්පාදුවක්

පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව කලින් දැනුම් දුන් ප්‍රදේශවල අද පස්වරු 5.30 ට සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක කාලයක් විදුලිය විසන්දි වේ.

කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.