Latest News

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව බේරේ වැවට දැමූ තරුණිය අත්අඩංගුවට

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී මුදල් හා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක්.

අදාළ තරුණියට චෝදනා එල්ලවී ඇත්තේ, පසුගිය මැයි 9 වනදා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කොල්ලුපිටිය ප්‍රදේශයේදී පහර දී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ලකා මන්ත්‍රීවරයාව බේරේ වැවට තල්ලු කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මත සැකකාරිය ඊයේ (22) පස්වරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.