Latest News

15 හැවිරිදි ගැබිණි සිසුවියක් පැහැර ගෙන ගිය තරුණයෙකු අත්අඩංගුවට

15 හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි තරුණයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුවිය පරිවාස හා ළමා ආරක්ෂක සේවා අධිකාරිය යටතේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පොලීසිය ප්‍රකාශ කලේ, දඹුල්ල – කැකිරාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සිසුවිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටිය දී තරුණයෙකු අතින් අපයෝජනයට ලක්ව අධිකරණ නියෝගයක් අනුව පරිවාස හා ළමා ආරක්ෂක සේවා අධිකාරිය භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා විසින් මෙම සිසුවිය අපයෝජනයට ලක් කර ඇති අතර පසුගිය 22 වනදා ඔහු අදාළ සිසුවිය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අනතුරුව තාවකාලික ලැගුම්හලක රඳවාගෙන සිටිය දී දඹුල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට සිසුවිය රැගෙන ගමන් කරමින් සිටියදී මෙලෙස
අත්අඩංගුවට පත්ව තිබෙනවා.