Latest News

ප්‍රසූත වේදනාව උත්සන්න වීමට පෙර මව්වරුන්ට රෝහල්ගත වන්නැයි දැනුම් දීමක්

මෙරට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිටිය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඉන්ධන නොමැතිව රෝහල්ගතවීම ප්‍රමාද වීම නිසා සිය තුන්වන දරුවා නිවසේදී බිහි කළ මවක් පිළිබද පුවතක් ඊයේ (26) නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ හේතුවෙන් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පළමු දරුවා බිහිකළ මව්වරුන්ට දෙවන දරුවා බිහි කිරීමේ දී ප්‍රසූත කාලය ඉතා අවම විය හැකි බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ සඳහන් කළා.

මෙහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, එබැවින් ප්‍රසූත වේදනාවක් පිළිබඳ ඉඟියක් ලද වහාම රෝහල්ගත වීමට මවුවරුන් සැලකිලිමත් විය යුතු බවයි.