කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරු රෝහල් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයි
කොවිඩ් 19 වෛරසය ආසාදිත සියලු ගැබිනි මව්වරුන් රෝහල් ප්‍රතිකාර ක්‍රමවේදයට යොමුකිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දැනට කොවිඩ් 19 වෛරස ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ යම් අඩුවක් දක්නට ලැබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියා.
මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය,
“අපි තීරණය කළා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සියලුම ගර්භණී මව්වරුන් රෝහල් ගතකරලා ප්‍රතිකාර කරන්න. ඔවුන්ට කොවිඩ් ආසාදනය ඇති වුවහොත්. මොකද අපේ රෝහල් පද්ධතිය සුදානම් වෙලා තියෙනවා. අපි ට ඔක්කෝම මව්වරු රෝහල් තුළ බලාගන්න පුළුවන්. ඒ අනුව රෝහල්වලට ඇතුළු කරලා සියලුම මව්වරු රැකබලා ගන්න තීරණයකට එළඹුණා.”