Latest News

කොවිඩ් තෙවැනි රැල්ලෙන් ගැබිණි මව්වරු 60ක් ජිවිතක්ෂයට

කොවිඩ් 19 වෛරස ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් පිළිබඳ අද (13) සෞඛ්‍ය අංශ විසින් අනාවරණයක් සිදු කළා.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ, තුන්වන කොවිඩ් රැල්ලේ දී ගර්භණී මව්වරු 60 දෙනෙක් හා අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් මේ වන විට කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය,

“ගර්භණී මව්වරුන්ටත් බූස්ටර් මාත්‍රාව ලබාගන්න පුළුවන්. බූස්ටර් එන්නත ලබාගන්නේ කලින් සයිනොෆාම් හෝ වෙනත් එන්නත් දෙකක් ගර්භණී වීමට පෙර ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේ දී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවට එක්වෙමින්, ඔවුන් මේ බව සඳහන් කර සිටියා.