ගර්භණී මව්වරුන්ට ලබා දෙන පෝෂණ දීමනාව වැඩි කෙරේ
ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කලේ,ගර්භණී මව්වරුන්ට ලබා දුන් රුපියල් 20,000ක පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බවයි.
නව වැඩසටහන මීට පෙර සිදුකළ ආකාරයෙන්ම ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්රතිලාභ වශයෙන් ලබාදීමට නියමිතව තිබෙනවා.
කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කලේ, මෙහිදී මාසිකව රුපියල් 4500 බැගින් මාස 10 ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බවයි.