හෘදය අකර්මණ්‍ය වූ ගර්භණී මවකට සිදුකළ දුර්ලභ සැත්කම
හෘදය අකර්මණ්‍ය වූ ගර්භණී මවකට සිසේරියන් සැත්කමක් සිදු කර දරුවා සහ මව බේරාගැනීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
මාදම්පේ ගල්මුලුවේ පදිංචි ඇයට මෙම දුර්ලභ සැත්කම සිදුකර තිබුණේ හලාවත මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින්.
වෛද්‍යවරුන් සඳහන් කලේ, එම ගැබිනි කාන්තාව පසුගිය (20) වනදා රාත්‍රි 11.25ට පමණ රෝහල්ගත කර විනාඩි කිහිපයක් ගතවනවිට හදවත නතර වී තිබූ බවයි.
එහිදී වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරු ඇයට කෘත්‍රිම හෘද ස්පන්දනය ලබාදෙමින් සිසේරියන් සැත්කම සිදුකර තිබුණා.
සැත්කම සිදු කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ගයාන් ද සිල්වා සඳහන් කලේ, 25 වසරක තම වෛද්‍ය වෘත්තීය ජීවිතය තුළ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා සඳහන් කලේ,
“මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මීට කලින් මගේ ජීවිතේවත් මෙවැනි අවස්ථා ලබලා නැහැ. මෙවැනි තත්ත්වයකදී දෙන්නගෙම ජීවිත බේරාගැනීම බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්.” බවයි.
මේ වන විට මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා මව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.