Latest News

ඉන්ධන ලබා ගන්න සූරියවැව ගැබිණි මව්වරුත් පෝලිමේ

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සූරියවැව ප්‍රදේශයේ ගැබිණි මාතාවන් පිරිසක් සූරියවැව විහාරගල පාරේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු වෙලාවක් පෝලිමක රැඳී සිටින අයුරු දැක්වෙනවා.

එම පෝලිමේ රැඳී සිටි ගැබිණි මව්වරුන් සඳහන් කලේ,දරු ප්‍රසූතියකදී මෙන්ම වෙනත් යම් අසනීප තත්ත්වයකදී වුවද කිසිදු ත්‍රිරෝද රථයක් ඉන්ධන නොමැති නිසා නොපැමිණෙන බවයි.

මේ හේතුව නිසා හදිසි රෝහල් ගතවීමකදී ඉන්ධන ලබාදී හෝ කුලියට ත්‍රිරෝද රථයක් ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙලෙස ඉන්ධන රැගෙන යෑමට පැමිණි බව ඔවුන් සඳහන් කළා.