Latest News

පිරිමි දරුවෙක් බලාපොරොත්තුවෙන් ගැබිනියකගේ හිසට ඇණයක් ගසයි

මිත්‍යා මතයක් හේතුවෙන් ගැබිනි කාන්තාවකගේ හිසට ඇණයක් ගැසූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පකිස්තානයේ පේෂාවර් ප්‍රදේශයෙනි.

ආගමික විශ්වාසයකට අනුව ලැබීමට යන දරුවා පිරිමි දරුවෙක් කර ගැනීමේ  අරමුණ පෙරදැරිව මෙලෙස එම කාන්තාවගේ හිස් කබලට ඇණය ගසා ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම කාන්තාවට දැඩි වේදනාවක් ඇතිවීමත් සමඟ පවුලේ සාමාජිකයින් විසින් ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ආගමික සුවකරන්නාගේ සහාය ඇතිව ඇයගේ කුසේ සිටින බිලිඳිය පිරිමි දරුවෙක් කරගැනීමට හැකි බව හිතමිතුරන් විසින් පැවසීමත් සමඟ ඇය මෙලෙස අදාළ පුද්ගලයා ලවා හිසට ඇණයක් ගසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.