Latest News

රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…

සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබලදීම යටතේ රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් ස්ථාන, විශේෂ විමර්ශන ඒකකයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති රූපවාහිනී නිවේදිකාව 39 හැවිරිදි වියේ පසුවන කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් 21 හැවිරිදි වියේ පසුවන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මේ අතර තවත් සැකකරුවෙක් 18 වන දින දික්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔහු 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි.

මෙම සැකකරුවන්ට සහ සැකකාරිනියට එරෙහිව පරිගණක අපරාධ පනතේ සටහන් වැරදි යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.