Latest News

ජනපති හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (28) පැවැත්වුණා.

ඇය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් සහ නියමිත ක්‍රියාවලියට ගරු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.

මෙහිදී මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.