ආරක්ෂාව ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් පොලිස්පතිට ලිපියක්
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.
අදාළ ලිපි, මුදල් අමාත්‍යාංශයට සහ පොලිස් මුලස්ථානයට රැගෙන ගොස් භාර දුන් බව ඇය සඳහන් කළා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත්, ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැ යි මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ දැක්වෙනවා.
එමෙන්ම, පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 500න් මේ වනවිටත් මුදලින් ලැබී ඇත්තේ, රුපියල් මිලියන 40ක් පමණක් බවද වාර්තා වනවා.
කෙසේවෙතත් මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ වනවිට ඡන්දයට අදාළව රුපියල් මිලියන 250කට අධික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බවද මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කළා.