පෞද්ගලික රෝහල්වලත් ඖෂධ 76ක් නැහැ
පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
අදාළ ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, පෞද්ගලික රෝහල්වල මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76ක් හා තවත් වෛද්‍ය උපකරණ රැසක හිඟයක් පවතින බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් මූලාශ්‍රයකින් එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසට ඔවුන් එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.