Latest News

විරෝධතා වලට ළමුන් රැගෙන යන්න එපා

මහජන පෙළපාලි සහ විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සිදු වන අතර, ඇතැම් පිරිස් ඒ සඳහා කුඩා ළමුන් ද රැගෙන යන අයුරු දක්නට ලැබෙනවා.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙය නුසුදුසු ක්‍රියාවක් නිසා දෙමාපියන් මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න ලෙසයි.