Latest News

පහර කෑම තමන්ට ලැබුණ රන් පදක්කමක් – අරගල භූමියේදී පහර කෑ මොරීන් නූර්

සාමකාමී අයුරින් විරෝධය පළ කරමින් සිටියදී පිරිසක් පැමිණ තමන්ට පහර දුන් බව අරලියගහ මන්දිරය අසල අරගලභුමියේ දී පහරකෑමට ලක්වූ මොරීන් නූර් පවසනවා.

අදාළ කාන්තාව අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ, පහර දුන් පිරිස පරුෂ වචනයෙන් බැන වදිමින් තමන්ට ප්‍රහාර එල්ල කළ බවයි.

මව්බිම වෙනුවෙන් අරගලයේ නිරතව සිටියදී සිදු වූ පහරදීම තමන්ට ලැබුණු රන් පදක්කමක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළා.

“අතේ මේ ඔක්කෝම සිරිච්ච මාක්ස් තියෙනවා. අපි ගුටි කෑවේ මව්බිම වෙනුවෙන්. මැරුවත් හරි මම මේ අරගලය කරනවා. මේ පාරවල් තියෙනවා නේ මහත්තයෝ, මේවා රත්තරන් මෙඩිල් එකක් ගැහුවා වගේ පපුවේ. මම ඔච්චරයි හිතන්නේ.අරගලයට ජය වේවා. ”