Latest News

ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ බිරිඳ CIDයට…

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාෂි සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව එම නළු නිළි දෙපළගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පවත්වන ලද මායාජාල චිත්‍රපටයේ මුහුරත් උළෙල සම්බන්ධයෙන් සහ ඒ සඳහා දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය මුදල් යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔවුන් එලෙස කැඳවන බවයි.