හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරත් නිදහස්
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම හා සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම යන චෝදනා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හට එල්ලවී තිබුණා.
කෙසේවෙතත් මෙම චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරන සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් හිටපු පොලිස්පතිවරයා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබෙනවා.